බංග්ලාදේශයට රතු එළියක් - ආහාර සම්බන්ධයෙන් උග්‍ර අර්බුදකාරී තත්ත්වයක්

Report

2026 ආහාර අර්බුද පිළිබඳ ගෝලීය වාර්තාව බංග්ලාදේශය සම්බන්ධයෙන් රතු එළියක් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2025 වසරේ ඉහළ මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දුන් පුද්ගලයන් වැඩිම පිරිසක් සිටින රටවල් සහ ප්‍රදේශ 10 අතරට බංග්ලාදේශය පත්ව ඇත.

අඳාළ වාර්තාවට අනුව, 2025 වසරේ උපරිම අවස්ථාවේදී බංග්ලාදේශයේ පුද්ගලයන් කෝටි 1.6ක් පමණ අර්බුදකාරී මට්ටමේ හෝ ඊට වඩා නරක ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දී ඇත.

එයට 'අර්බුදකාරී' (Crisis) ගණයට අයත් කෝටි 1.56ක් සහ 'හදිසි' (Emergency) ගණයට අයත් ලක්ෂ හතරක් ඇතුළත් බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඒ අනුව මෙය විශ්ලේෂණය කරන ලද ජනගහනයෙන් 17%ක් නියෝජනය කළ ද, මෙම වාර්තාවෙන් විශ්ලේෂණය කර ඇත්තේ මුළු රටම නොව, මුළු ජනගහනයෙන් 59%ක පිරිසක් පමණක් බව එහි දැක්වේ.

2024 වසරට සාපේක්ෂව බංග්ලාදේශය යම් දියුණුවක් ලබා ඇති බවත්, උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දෙන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 76 කින් අඩු වී ඇති බවත් අඳාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම 2025 මුල් භාගයේදී ප්‍රධාන පෙළේ ස්වාභාවික ව්‍යසනයන් සිදු නොවීම, ආහාර උද්ධමනය පහත වැටීම සහ විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ යාම මෙම දියුණුවට හේතු වී ඇත.

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

එහෙත් මෙම සොයා ගැනීම එතරම් කනස්සල්ලට කරුණක් වන්නේ ද එම හේතුව නිසාම බව වාර්තා වේ.

එනම් ස්වාභාවික ව්‍යසනයන් අඩු සහ ආහාර උද්ධමනයෙන් යම් සහනයක් ලැබුණු සාපේක්ෂව යහපත් වසරක පවා, උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව අතින් බංග්ලාදේශය තවමත් ලෝකයේ ඉහළම රටවල් අතර පවතියි.

ඉන් පෙන්නුම් කරන්නේ බංග්ලාදේශයේ පවතින ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳ ගැටලුව හුදෙක් ගංවතුර, සුළි කුණාටු, නියඟය හෝ හදිසි මිල ඉහළ යෑම් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. 

ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක් - ඇමරිකාව ඉරාන නාවිකයන් නිදහස් කරයි

ඇමරිකාවෙන් ඉරානයට කොළ එළියක් - ඇමරිකාව ඉරාන නාවිකයන් නිදහස් කරයි