හිස නොමැති අභිරහස් මළසිරුරු දෙකක් පෙදෙස් දෙකකින් හමුවෙයි..

Police Bandarawela Death body Mulleriyawa
By Aruna Jun 23, 2021 02:26 PM GMT
Report

බණ්ඩාරවෙල සහ මුල්ලේරියාව යන ප්‍රදේශ වලින් හිස නොමැති බිළිඳු මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල, ඇල්ල- කරඳගොල්ල ප්‍රදේශයේ් නිවසක් අසලින් එක් බිළිඳු මළසිරුරක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මුලුලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ වගුරු බිමක තිබී තවත් බිළිඳු මළසිරුරක් සොයාගෙන ඇති අතර එම මළසිරුරේද හිස කොටස නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now