සල්ලි වලට වඩා මට ගෞරවය වටිනවා, මම මාසෙන් පාඩම් කරලා A3ක් දාලා කැම්පස් ගිය කෙනෙක්-නිවර්තනා දේවගේ (PHOTOS)

By Sithumi Apr 08, 2023 05:01 PM GMT
Sithumi

Sithumi

Report

වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරය හරහාද කාගේත් ආදරය දිනාගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිවර්තනා දේවගේ කියලා කියන්නේ. ඒ වගේම මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනාගැනීමට ඇය වාසනාවන්ත වුණා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ලෝකා ටෙලි නිර්මාණයේ ප්‍රසාදිගේ චරිතය වෙනුවෙන්. 

ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ලැබුණ සම්මානය ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මුලින් සම්බන්ධ වුණේ සිනමාවට. මොකද ටෙලි නාට්‍යවල වැඩ කරන්න ඇය වැඩි කැමැත්තක් දැක්වුවේ නැති නිසා. කොහොම නමුත් අකිල සපුමල් කියන ඇයගේ ගුරුවරයාගේ තිර රචනයක් තමයි ලෝකා කියන්නේ. ඉතින් ඔහු ආරාධනා කළ නිසා එයට සම්බන්ධ වුණා කියලත් නිවර්තනා කියනවා. 

ඉතින් ඒ වගේම ඇය රඟපෑ පළවෙනි ටෙලි නාට්‍යයටම සම්මානයක් ලැබෙයි කියලා තුන් හිතකවත් තිබුණේ නෑ කියලයි ඇය නම් කියන්නේ. ඒත් මේ ලැබුණු සම්මානය ගැන ඇයට පුදුමාකාර සතුටක් දැනෙනවා කියලත් ඇය කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha