දැඩි අවධානයෙන් සිටින්න..! කිසිදු ප්‍රතිකාරයක් නොමැති අතිශය භයානක වෛරසය ඉන්දියාවෙන් තවත් බිල්ලක් ගනියි..

Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් ව ඉන්දීය කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බවයි.

එම 24 හැවිරිදි තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් වන අතර ඔහුට පසුගිය 04 වනදා උණ ගතියක් ඇතිවී තිබෙනවා.

ඔහු මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසීය. එම තරුණයා ගේ සමීපතමයින් 151 දෙනෙක් ව නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන් ය.

මෙම මරණය මලප්පුරම් ප්‍රදේශයෙන් මෙම වසරේ වාර්තා වූ දෙවැනි නිපා මරණය වන අතර පසුගිය ජූලි මාසයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය ගැන අනතුරු අඟවා ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

නිපා වෛරසය පළතුරු වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන බවට හඳුනාගෙන තිබේ.