"..තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි.. තාත්තා කියලා අම්මට එන්න එපා කියලා ඇතුළට.." - නිල්මිණි තෙන්නකෝන්

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Mar 05, 2023 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබව වසඟයට ගත්ත කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඒ වගේම ඇගේ දියණිය තමයි ස්වේතා.. දියණිය වෙනුවෙන් මහ ගොඩක් කැපකිරීම් කරන නිල්මිණි නිරන්තරයෙන් මාපියන්ට උපදෙස් එහෙමත් ලබා දෙනවා. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්..

“මේ සිද්ධිය වුණේ කාලෙකට කලින් නුගේගොඩ ඉස්කෝලයක් ඉස්සරහා.. එදා නෙට් බෝල් මැච් එකක්. බස් එකක් නවත්තල තියනව දැක්කා. සෙල්ලම් කරන ළමෙක් කොණ්ඩෙ අවුල් කරගෙන ඉන්නවා දැක්කා. මම කාර් එකේ ගිහින් බලද්දි දැක්කා ලේඩි කෙනෙකුත් ඉන්නවා.. එතකොට දැක්කේ ඒ තාත්තා බස් එක ළඟ දාගෙන අර අම්මට ගහනවා. මට බලන් ඉන්න බෑ. අර ළමයා අඬනවා හයියෙන්.. මම හයියෙන් හෝන් එක තද කරන් හිටියා. දුව ඇවිල්ලා අම්මව තල්ලු කළා.. අම්මා අඬ අඬ ඇදුම හදාගෙන ඉස්සරහට ගියා…”

“පස්සෙ මම ශටර් එක පහත් කරලා ඇහුවා කොහෙද යන්නෙ කියලා. එයා කලින් ඇඬුවට වඩා හයියෙන් ඇඬුවා. මම එයාව දාගත්තා වාහනයට. දුවයි තාත්තයි ඉස්කෝලෙ ඇතුළට ගියා.. මම අම්මට වතුර එකක් දීලා කිව්වා, ‘දුව ඉස්සරහා ඔහොම හැසිරෙන්න එපා, කියලා. ‘අනේ නෑ මිස්.. තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි..’ කිව්වා…”

“තාත්තා කියලා අම්මට එන්න එපා කියලා ඇතුළට. පස්සෙ මම ඒ මනුස්සයට බේතුත් දාලා වාහනයක නඟ්ගලා යැව්වේ. ඒ එක ඛේදවාචකයක් විතරයි. එතන දරුවගේ ආරක්ෂාව නැතිවෙලා ඉවරයි. ඕක දැක්කොත් ළමෙක් කවදාවත් විවාහ වෙන් නෑ. ඒ වගේ දේවල් දකින්න හොඳ නැති නිසා තමයි 2003 මම එළියට ආවේ. නැත්නම් මගේ දුව මානසික ලෙඩෙක් වෙනවා..”(උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now