නිල්මිණි තෙන්නකෝන් හදිසියේම පාසල් නිල නිල ඇඳුමකින් සැරසී කරපු වැඩේ (PHOTOS)

Srilanka Gossip nilmini thennakon
By Sithumi Nov 14, 2021 04:34 PM GMT
Sithumi

Sithumi

Report

අහම්බෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණීමට අවස්ථාව හිමිකර ගෙන අද වන විට ලංකාවේ හැමෝම දන්න චරිතයක් බවට පත්වෙලා තියෙන අපූරු රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය ජාලාවල ඇය පිළිබඳව කතා බහ කෙරෙනවා. 

  සහෝදර සහෝදරියන් බොහොමයක් ඉන්න පවුලක ආරක්ෂාකාරීව හැමෝගෙම ආදරයෙන්, විනයානුකූලව හැදුණු වැඩුණු චරිතයක් තමයි නිල්මිණී කියන්නේ. කුඩා කාලයේ පටන් පියාගේ නීති රාමුව තුළ හොඳ විනයක් පවත්වා ගනිමින් වැඩුණු නිසාමදෝ ඇය ඇයගේ ක්ෂේත්‍රය තුළත් මේ විනයානුකූල බව පවත්වාගෙන යනවා. 

මේ නිසාමදෝ බොහෝ දෙනා අතර ජනප්‍රිය එමෙන්ම බොහෝ දෙනා ආදරය කරන චරිතයක් බවටත් පත් වෙන්නේ. සමාජ සේවා කටයුතු වල නිරත වෙමින් රංගන ජීවිතයේ සාර්ථකත්වයක් මෙන්ම ඇගේ පෞද්ගලික ව්‍යාපාර තුළින් ද බොහෝ සාර්ථකත්වයක් ලබන්නට ඇයට මේ වනවිට හැකිවෙලා තියනවා. 

දියණිය ස්වේතා සහ මව සමඟ ඇය ජීවත් වනවා. ඉතින් පසුගිය දවසක ඇය ඇගේ සමාජ මාධ්‍ය ජාලාවක උඩුගත කර තිබුණු ඡායාරූප කිහිපයක්ම බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඇය පාසල් නිල ඇඳුමින් පෙනී සිටින ඡායාරූප පෙළක් තමයි ඒ විදිහට පළ කරල තිබුණේ. ඒ ඡායාරූප ඇය විසින් සඳහන් කරලා තිබුණේ “මගේ පාසල වේල්ස් කුමරි විදුහල ගොඩක් සතුටු දවසක්” යනුවෙන්. 

ඉතින් ඇය එම ඡායාරූප වලට නම් පාසල් වියේ පසුවන යෞවනියක් වගේ තමයි දැකගන්නට ලැබුණේ. කොහොම වුණත් මේ වන විට ඇය තරුණ දියණියගේ මවකුත් වනවානේ.ඉතින් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය කොයි කාගෙත් කතා බහට ලක්වන චරිතයක් වගේම කවුරුත් ආදරය කරන කෙනෙක්ද වෙනවා .

කොහොම වුණත් ඇගේ ඉදිරි රංගන ජීවිතයේ අලුත් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් හමු වෙන්නට කියන ගමන්ම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට සුබ පතනවා.

GalleryGalleryGalleryGalleryGallery