ඉදිරි මාස 02 තුළ ශ්‍රී ලංකාවේ සිදුවෙන දේ ගැන දැනුම් දීමක්.

Sri Lanka Prasanna ranathunga
By Aruna Nov 12, 2021 05:05 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි මාස දෙක තුළ දිවයිනට විදෙස් සංචාරකයන් දෙලක්ෂයක් පමණක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

එමෙන්ම, පසුගිය ජනවාරි 21 වැනි දා මෙරට විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව වසරේ මුල් මාස 10 තුළ ඩොලර් මිලියන 130ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ.

කොරෝනා වසංගතය නිසා වසර දෙකක විරාමයකින් අනතුරුව යළි ආරම්භ වන සංචාරක සමය ප්‍රකෘතිමත් වන්නේ එළඹෙන ශිීත ඍතුවෙන්.

එම කාලසීමාව ඉලක්ක කර ගනිමින් විදෙස් සංචාරකයන් දිවයිනට ආකර්ශනය කර ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම, මේ වසර අවසානය වනවිට සංචාරක ආගමනය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now