ගමක් කම්පා කරමින් , අලුත උපන් බිළිඳෙකු වෙල් යායක් අසලින් හමුවෙයි..
By Sewvandhi
පොල්පිතිගම - පුගොල්ලාගම ප්‍රදේශවාසීන් පොලීසියට ලබා දුන් තොරතුරක් මත වෙල්යායක් ආසන්නයේ මාර්ගයක් අසල දමා ගොස් සිටි අලුත උපන් බිළිදෙකු පොලිසිය විසින් අද දින(2) සොයාගෙන තිබෙනවා.
රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමා ගොස් ඇති බිළිදා අද උපත ලබා ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ බිළිදා පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසු කුරුණෑගල මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |