තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් කඩවසම් ඔහු නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපති ලෙස දිවුරුම් දෙයි
නිව්යෝර්ක් නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී නිව්යෝර්ක් නගරාධිපති ලෙස පසුගිය දා දිවුරුම් දුන්නේය.
මම්දානීගේ දිවුරුම්දීම සිදු වූයේ කුරානය මත අත තබමින් නීතිපති ලෙටිටියා ජේම්ස් ඉදිරියේදී ය.
මෙම දිවුරුම්දීමේ අවස්ථාවට මම්දානීගේ බිරිඳ ද සහභාගී වූ අතර, 34 හැවිරිදි මම්දානී නිව්යෝර්ක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපති ලෙස ඉතිහාසය ගත වේ.
මම්දානී දිවුරුම් දීමට තෝරාගත් ස්ථානය වන්නේ, නිව්යෝර්ක් නගරයේ අතහැර දැමුණු උමං දුම්රිය ස්ථානයයි. නගරය යළි එහි ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යාමට ඔහු කැපවන බව ප්‍රදර්ශනය කිරීමයි.