සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

කුම්භ ලග්නය 

තරග විභාගවලින් ජය

මෙම වර්ෂයේ ඔබේ රැකියා, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් දක්නට ලැත්තේ මිශ්‍ර ඵලදායක තත්ත්වයකි. 2 වැන්නේ ගමන් කරන සෙනසුරුගේ බලපෑම හේතුවෙන් රැකියා ස්ථානය තුළ කළකිරීම්, බාධාවීම් ආදිය ඇති විය හැක.

සතුරු කරදර මතු විය හැක. එහෙත් රැකියා ස්ථානය තුළ ඔබට පැවරෙන රාජකාරි නිවැරදිව ඉටු කිරීමෙන් එම අසුබතාවලින් වැළකිය හැක. මෙම වර්ෂයේ ඔබේ ආදායම් ලැබීම් යහපත් වන අතර ධන ලාභවලට ද ඉඩකඩ ඇත.

ඒ සමගම හදිසි වියදම් ද යෙදෙන බැවින් ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම අසීරුය. මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු කිරීමෙන් වැළකී ඔබ සතු ධනය ප්‍රවේශම් කර ගැනීමට කටයුතු කළ යුතුය. ගුරු මහ දශා අතුරු දශා ගත කරන අයට ධනය ලැබීම අතින් ඉතා සුබදායක තත්ත්වයක් පවතී. ගුරු 5 වැන්නේ ගමන් කරන මේ වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාමත් සුබදායකයි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - ධනු ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - ධනු ලග්නයේ උපන් ඔබට කොහොමද ?

උසස් අධ්‍යාපන කටයුතු බෙහෙවින් දියුණුවට පත්වන අතර තරග විභාග ආදියෙන් ජයග්‍රහණය කළ හැකි වේ. විදෙස් රටවල අධ්‍යාපන කටයුතු අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු පහසුවෙන් ඉටු වේ.

මෙම වර්ෂයේ ඔබේ යුග ජීවිතය තුළ මත ගැටුම් හා පවුලේ සමගියට බාධා සිදු වන දේ ඇතිවිය හැකි බැවින් නිවස තුළ කටයුතු කිරීමේදී සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරන්න.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මකර ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මකර ලග්නයේ උපන් ඔබට කොහොමද ?

විවාහකයින්ගේ දරුපල අපේක්ෂාවන් ඉටුවන අතර සුදුසු වයසේ සිටින අයට සුදුසු මංගල යෝජනා උදා වේ. ප්‍රේම සම්බන්ධතා වලට දෙමාපිය ආශිර්වාදය හිමි වේ.

ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි බැවින් සාමාන්‍ය අසනීප තත්ත්වයකදී වුව ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග, විෂ වීම්, තුවාල, හදිසි අනතුරු ආදිය ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.