ගමනාගමන කොමිසන් සභාවෙන් අලුත් වැඩක්

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 19, 2025 08:39 AM GMT
Hashini

Hashini

Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ''මගී අයිතිවාසිකම්” යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ මේ සඳහා මගී අවසර පත්‍ර කොන්දේසි මාලාවක් කොමිෂන් සභාව සකස් කර ඊට සියලු පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිවල එකඟතාව ලබා ගැනීමට යවා ඇති බවය.

එම එකඟතා ලැබීමෙන් පසුව සකස්කර ඇති “මගී අයිතිවාසිකම්” යාවත්කාලීන කර ජනතාවට දැනගැනීමට ප්‍රසිද්ධ කිරීමට නියමිත ය.

එම නිලධාරියා සඳහන් කළේ එළැඹෙන අගෝස්තු මුලදී යාවත්කාලීන කරන ලද මගී අයිතිවාසිකම් ප්‍රකාශයට පත්කිරීමට හැකි වනු ඇති බවයි.

කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්

කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්

කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

ReeCha