ගමනාගමන කොමිසන් සභාවෙන් අලුත් වැඩක්
By Hashini
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ''මගී අයිතිවාසිකම්” යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ මේ සඳහා මගී අවසර පත්‍ර කොන්දේසි මාලාවක් කොමිෂන් සභාව සකස් කර ඊට සියලු පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිවල එකඟතාව ලබා ගැනීමට යවා ඇති බවය.
එම එකඟතා ලැබීමෙන් පසුව සකස්කර ඇති “මගී අයිතිවාසිකම්” යාවත්කාලීන කර ජනතාවට දැනගැනීමට ප්‍රසිද්ධ කිරීමට නියමිත ය.
එම නිලධාරියා සඳහන් කළේ එළැඹෙන අගෝස්තු මුලදී යාවත්කාලීන කරන ලද මගී අයිතිවාසිකම් ප්‍රකාශයට පත්කිරීමට හැකි වනු ඇති බවයි.