ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් – අලුතින් කැඳවනු ලැබූ අමතර ක්‍රීඩකයින් පස් දෙනා මෙන්න

Cricket Corona virus Sri lanka covid 19
By Sithumi Sep 17, 2021 01:13 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කල සංචිතයට ඇතුළත්ව සිටි ලහිරු මධුසංඛ වෙනුවට මිනෝද් භානුක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ඒ ලහිරු මධුසංඛගේ මස්පිඩු ඉරීමෙන් ඇතිවී තිබෙන ආබාධය නිසා ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම හේතුවෙන්. එමෙන්ම පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස් හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් ද ඕමාන හා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට තෝරා ගත් සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව රැගෙන යෑමට දැනට තීරණය වී තිබෙනවා. 

එම ක්‍රීඩකයින් සඳහා සියළු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට සුදානම් වන බව දැනට වාර්තා වනවා.

ReeCha