තත්ත්වය භයානකයි? ඩෙංගු හා චිකුන්ගුන්යා ගැන පාසල් වලට නව උපදෙස් මාලාවක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

ඒ පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින්.

එම උපදෙස් පත්‍රිකාවේ දැක්වෙන්න‍ේ, සිදුකරන විශේෂ පරීක්ෂා කිරීම්වලදී පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගතහැකි බවය.

බසයකදී තරුණියකට අතවර - මගීන් සැකකරු අල්ලා ගස් බඳී

බසයකදී තරුණියකට අතවර - මගීන් සැකකරු අල්ලා ගස් බඳී

නව උපදෙස් පත්‍රය නිකුත්කර ඇත්තේ පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත්කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින්.

එමගින් යෝජනා කර ඇත්තේ සියලු පාසල් පරිශ්‍රය මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යාම සදහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කිරීමටයි.

සජබෙ ආසන සංවිධායකවරයෙක් ප්‍රසිද්ධියේම සජිත් ගෙ රෙදි ගලවයි. මෙහෙමත් ලැජ්ජාවක්...

සජබෙ ආසන සංවිධායකවරයෙක් ප්‍රසිද්ධියේම සජිත් ගෙ රෙදි ගලවයි. මෙහෙමත් ලැජ්ජාවක්...

මේ සම්බන්ධයෙන් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් දැනුම්වත්කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාසල්වල විටින්විට සිදුකෙරෙන පරික්ෂාවලදී එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මට්ටමේ ස්ථාන වාර්තා වුවහොත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකි බවයි. 

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න