Covid එන්නත් මිශ්‍ර කිරීමෙන් සිදු වන දේ නවතම අද්‍යනයකින් හෙළිවේ..විශ්මිත ප්‍රතිඵලයක් ?

covid19 German vaccination immunization Matina Sester
By Sewvandhi Oct 23, 2021 02:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත් වර්ග මිශ්‍රවීමෙන් ෆයිසර් හෝ මොඩර්නා වැනි එම්.ආර්.එන්.ඒ. එන්නත්වලටත් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනගන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ද එන්නත් මිශ්‍ර කිරීමෙන් ඉහළ ප්‍රතිශක්තියක් සැළසෙන බවයි ජර්මනියේ සාලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥවරියක වන මාටිනා සෙස්ටර් ප්‍රකාශ කළේ.

නව දත්තවලට අනුව සම්මත කොරෝනා එන්නත්කරණය හෝ ඒවා මිශ්‍ර කිරීම තුළින් ඉහළ ශඛ්‍යතාවක් ඇතිවන බව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆඩ් සරසවියේ වෛරස් විද්‍යාඥ මැතිව් ස්නේප් ද සඳහන් කළා.

ඔක්ස්ෆඩ් සරසවිය මෙන්ම ජර්මානු විශ්වවිද්‍යාලය ද මෙලෙස එන්නත් මිශ්‍රකරණය සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදුකර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ගොඩනැගෙන ප්‍රතිශක්තිය පිළිබඳවයි එහිදී විශේෂයෙන් අවධානය යොමුව ඇත්තේ.

මෙම නව අධ්‍යයනය පිළිබඳව සටහනක් තබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ මෙලෙස එන්නත් මිශ්‍ර කිරීමෙන් එම්.ආර්.එන්.ඒ. එන්නත් අභිබවා කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව මෙලෙස වාර්තාවන්නේ ප්‍රථම වතාවට බවයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.