නිවාස ඇමතිට අලුත් තනතුරක්

Report

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක දසවන පාර්ලිමේන්තුව වෙනුවෙන් ශ්‍රී ලංකා - පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් වුණා.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

එහිදී මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වුණා.

එසේම නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් ශ්‍රී ලංකා - පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් ව ඇත.

එසේම මෙහිදී අදහස් දැක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න කියා සිටියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළඳ, අධ්‍යාපනික, ආරක්ෂක ඇතුළු අංශ ඔස්සේ මෙන්ම සහ දෙරට ජනතාව අතර පවතින පුළුල් සබඳතාවය සිහිපත් කරමින් මෙරටට පාකිස්ථානය දක්වන අඛණ්ඩ සහයෝගයට කෘතඥ වෙන බවයි.

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

එසේම මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස්, අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කරමින් අවධාරණය කළේ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් පකිස්ථානයේ කැපවීම සහ මිත්‍රත්ව සංගමය මගින් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයි.

එ අනුව ඔහු විශේෂයෙන් ආගමික හා සංස්කෘතික උරුමයන්ට අදාළව සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ හැකියාව පෙන්වා දී ඇත.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති අමාත්‍ය අනුර කරුණාතිලක, තමා එම තනතුරට තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකයින්ට ස්තූතිය පළ කළ අතර, සංගමය දෙරට අතර සාකච්ඡා, සහයෝගීතාවය සහ විශ්වාසය ගොඩනැගීම සඳහා අර්ථවත් වේදිකාවක් සපයන බවත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම සංගමයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් ක්‍රියාකාරීව දායකවන මෙන් ඔහු සියලුම සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් ද ක‍ර තිබෙනවා.  

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි