ඕස්ට්‍රේලියාවට යන්න හීන බලපු ලාංකිකයන්ට - අඩු මුදලින් ගුවන් සේවාවක් මෙන්න
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු මිළ ගුවන් සේවාවක් එරට ජෙට්ස්ටාර් ගුවන් සේවා සමාගම විසින් ඊයේ දින (25) රාත්‍රී ආරම්භ කරමින් , එහි ප්‍රථම මංගල ගුවන් යානය , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මේ සඳහා බෝයිං - 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීම සිදු කළේය. ඊයේ දින (25) රාත්‍රී 06.24 ට ජෙට්ස්ටාර් ගුවන් සේවයට අයත් ජේ.කිව්.- 005 දරන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගුවන් මගීන් 271 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 13 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
තාත්තා බීලා හිටියට සර්ට ගහන්න අයිතියක් නෑනේ.. මේ මනුස්සයගේ ලේ බලන්නකෝ.. නෑ මම යන්නෑ.. - තාත්තට ගැහුවට පුතා පොලිසිය දෙවනක් කරයි
මෙම ගුවන් සේවය මෙතැන් සිට සෑම සතියකම දින 03 ක් අඟහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල ශ්‍රී ලංකාවේ කටුනායක සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අතර ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම ගුවන් ගමන සඳහා පැය 10 ක පමණ කාලයක් ගත වේ.
මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” ( Silk Route ) මගී පර්යන්තයේ පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති මැතිව් ඩක්වර්ත් , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සහභාගී වී ඇත.