පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Report

අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත .

පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

  පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන, “බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” යන මැයෙන් වූ යෝජනාවකට අනුව සභාව කල් දැමීමේ විවාදය ආරම්භ කිරීමට නියමිතය.

 එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.