INS AIRAVAT’ නෞකාව නාවික හමුදා මහත් හරසරින් මෙරටට පිළිගැනේ
‘INS AIRAVAT’ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කර ඇත.
ඒ ඉන්දීය නාවික හමුදාවට අයත් එම නෞකාව සිය මෙහෙයුම් අවශ්‍යතා පුරවා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය
Landing Ship Tank වර්ගයට අයත් ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙසයි කමාන්ඩර් IP Patil කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලසීමාව තුළ එම නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිතය