මුහුදු යන්නේ ප්‍රවේශමෙන් - තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව හෙට දිනය දක්වා වලංගු අවවාදාත්මක නිවේදනයක්

Report

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.

මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2-3)ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත 

මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට චණ්ඩ සුළං සහ අකුණු අනතුරු

මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට චණ්ඩ සුළං සහ අකුණු අනතුරු

Advisory for Strong Winds and Rough Seas at 10 1780551071 by kanchana