මේ සැප රිය කාගෙද..?අලුතින්ම හමුවූ සුපිරි රථය ගැන එලියට ආ තොරතුරු...
වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු ව, ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර තිබුණි.
ඉකුත් 03 වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්, ඉහත ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථය නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරු ඊයේ (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාරයට නියෝග කෙරුණි.
………………………………………………………………………
You may like this video 👇