බෑගයෙන් මතු වූ කාන්තා මළ සිරුර ගැන තොරතුරු රැසක් එළියට(PHOTOS)

OMAN DEAD BODY SAPUGASKANDHA RED FROCK TRAVELING BAG
By Sewvandhi Nov 04, 2021 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආසන්නයේ මාර්ගය අසල කැළි කසළ ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක දමා ගොස් තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ.

අඩියක් ගැඹුරු, අඩි දෙක හමාරක් දිග, අඩි දෙක හමාරක් පළල ගමන් මල්ලක අදාළ මළ සිරුර බහා තිබුණු බව අප වාර්තාකරු පැවසී ය. ඔහු සඳහන් කළේ, එම කාන්තා මළ සිරුරේ අත පය ගැට ගසා තිබුණු බව ත්, ඇය කළු හා රතු පැහැති කොටු ගවුමක් ඇඳ සිටි බවත් ය.

දැනට දින තුනකට පමණ පෙර ඇය ඝාතනය කර මල්ලක බහා මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. එමෙන් ම, අදාළ මළ සිරුර හඳුනා ගැනීමට නොහැකි අන්දමට නරක් වී තිබෙන අතර මළ සිරුර ගැන වෙනත් තොරතුරු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව අප වාර්තාකරු පැවසී ය.

ඒ අනුව, මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය මළ සිරුර නිරීක්ෂණය කර එය හඳුනා ගැනීම සඳහා රාගම මහ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කරන ලෙසට නියෝග කර ඇත.

ගමන් මල්ලක දමා තිබුණු එම කාන්තා මළ සිරුර අද (නොවැ: 4) දහවල් සොයා ගනු ලැබිණි. අප වාර්තාකරු සඳහන් කළේ, සපුගස්කන්ද, මාබිම වී මෝල පාරේ කසළ ගොඩක දැඩි දුර්ගන්ධයක් හමන බවට පොලිසියට කළ දැනුම් දීමක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery