තවත් ගාස්තුවක් ඉහළට - විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි..!
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්,පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේ මෙතෙක් පැවැති රුපියල් 15,000 ගාස්තුව රුපියල් 35,000කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව නව ගාස්තුව රුපියල් 50,000ක් බවට අදාල ගැසට් නිවේදනයේ දැක්වේ.
මීට අමතරව ලියාපදිංචිය අළුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා රුපියල් 15,000කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000ක් ලෙසත් බලපත්‍රය කල් ඉකුත් වී දින 31ත් 90ත් තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000ක් ලෙසත් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත් දින 90න් පසු ප්‍රමාද ගාස්තුව රුපියල් 35,000ක් ලෙසත් සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධන පසුගිය මස 20 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවට ද එම ගැසට් නිවේදනයේ සදහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
