ත්‍රී මලේ විදුලි සමාගම වැඩ නෑ ඒත් වියදම මිලියන 11.2ක්

CEB Sinhala news
By Mithu May 13, 2025 02:59 PM GMT
Mithu

Mithu

Report

සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණ ද 2023 වර්ෂයේ දි පරිපාලන වියදම් ලෙස රුපියල් මිලියන 11.2ක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

මෙකී විදුලිබල සමාගමට සාම්පූර්හි මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් පිහිටුවීමට 2018 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි. කෙසේවුවද එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2024 මාර්තු මස 31 වැනිදා වන විටත් ආරම්භ කර නොතිබුණි. මේ වන විට මෙකී සමාගමේ අලාභය රුපියල් මිලියන 635.2කි.

[OQIPRC5[