බදු අයකිරීම සංශෝධනය කරමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අලුත්ම චක්‍රලේඛයක්..!

Government Employee Sri Lanka
By Sewvandhi Feb 08, 2023 09:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින්  නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ යටතේ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට 12ක් ලෙස සංශෝධනය කරලා තියෙනවා.

රුපියල් ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා රුපියල් 40,000 හෝ වැටුපෙන් සියයට 12.5 ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5ක් ලෙස සංශෝධනය කර තියෙනවා.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 5000 හෝ බැටුපෙන් සියයට 2.5ක ප්‍රතිලාභය බද්දෙන් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම ඇන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර් 1800ට අඩු සහ ඝත සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය රුපියල් 20,000 ක් රියදුරු සඳහා රුපියල් 10,000ක සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස වෙනස්කර තිබෙනවා.

තවද ඉන්ධන දීමනාව සියයට 100ක්ම බද්දට යටත් වූ අතර එය සියයට 25 දක්වා අඩු කර තිබෙනවා.

කේෂ්ත්‍ර රාජකාරි සඳහා ලබාදී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දි සීමා රහිතව කිලෝමීටරයකට රුපියල් 25ක් ලෙස සැලකූ ප්‍රතිලාභය කිලෝ මීටරයට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000 ක් යන දෙකෙන් අඩු ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.  

ඊට අදාළ චක්‍රලේඛය පහතින්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery