අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ

gazette petroleum P.B.Jayasundhara health units gramaseva
By Sewvandhi Jul 21, 2021 12:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්, පී බී ජයසුන්දර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා විසින් 2021 ජූලි 20 වන දින අංක 2237/23 දරන අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා.

ඒ අනුව වරාය අධිකාරිය, සියලු ම ඉන්ධන සැපයුම් බෙදා හැරීම්, රේගුව, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු ම ක්ෂේත්‍ර නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා, කසල කළමණාකරණය, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, සෞඛ්‍ය සේවයට අයත් සියලු ම සේවා සහ තැපැල් දෙපාර්මේන්තුව යන ආයතන සහ සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙරෙන සේවා සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීම වැළැක්වීම සඳහා ජනපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කල බවද සඳහන්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery