ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Government Gazette
New Gazette
By Sithumi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආයතන කිහිපයක සේවා, අත්‍යාවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල යටතේ යි මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ.අද(17) දින සිට මේ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වනවා.
විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් නඩත්තු කිරීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක් සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙන් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බව එම ගැසට් නිවේදනයේ ඇතුළත් වනවා.