මෙරටට ආ අලුත්ම gas නැව..තීරණය මෙන්න

By Sewvandhi Dec 03, 2021 10:57 AM GMT
Report

ලිට්රෝ සමාගම සඳහා ගෑස් රැගෙන ආ නැවකින් සාම්පල 02ක් පරීක්ෂණ සඳහා ලබාගත් බව ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය පවසනවා. ප්‍රතිඵල ලැබෙන තෙක් ගෑස් ගොඩබෑමට අවසර නොමැති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙළඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය අද උදෑසන නිවේදනය කළා.

නැවත දැනුම් දෙන තුරු වෙළඳපොළට ගෑස් නිකුත් නොකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ගෑස් කාන්දු හඳුනා ගැනීමේ ගන්ඳය නිපදවන එතිල් මර්කැප්ටන් ඒකක 14ක් සිලින්ඩරයක තිබිය යුතු නිසි පරිමාව වුවත්, එය ඒකක 5ක්ව පැවතීම නිසා ගෑස් බෙදීම නවතන ලෙස සමාගම්වලට දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW