ඉදිරි සති දෙකේ විදුලිය සම්බන්ධයෙන් සිදුවන දැවැන්ත වෙනස - ඇමතිගෙන් දැනුම්දීමක්

Ceylon Electricity Board Minister of Energy and Power Kanchana Wijesekera Latest Headlines
By Sewvandhi Mar 29, 2024 02:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් පැවති අවස්ථාවේදී, අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා අවම දෙසතියක කාලයක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුද දෙසතියක කාලයක් ඕනෑම පාර්ශ්වකරුවෙකුට හෝ පුද්ගලයෙකුට නව විදුලිබල පනත් කෙටුම්පත නිරීක්ෂණය කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකක් තුල එහි නෛතික භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට අවස්ථාව හිමි වනවා

එමෙන්ම, සංවර්ධන නියෝජිත ආයතන සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරමින් සහ දෙසැම්බර් මසදී ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලද නව විදුලිබල පනත් කෙටුම්පතේ තිබූ සිංහල හා දමිළ පරිවර්තන වල අඩුපාඩු සියල්ල නීති කෙටුම්පත් සම්පාදක විසින් නිවැරදිකර තිබෙනවා

මේ අතර නව විදුලිබල පනත් කෙටුම්පත අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ නිශ්කාෂණ සහතිකය ද ලබා දී තිබෙනවා