මධ්‍යම සංස්කෘතික අරමුදලෙත් විශාල වෙනසක්.

Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Oct 22, 2024 08:44 AM GMT
Wayomi

Wayomi

Report

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන්.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රයන්හි පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රාශියකට නායකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දී ඇති ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා එම තනතුර සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබෙන බව රජය සඳහන් කරනවා.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

 

ඒ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

 

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.

පොලිසියෙන් ක්ෂණික ඇමතුම් අංකයක්. - ඔබ කරන්න ඕන දේ මෙන්න.