බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
මෙරට ආනයනකරුවන් සිදුකරන බදු පැහැර හැරීම්වලින් 80%ක් පමණ අලුතින් හඳුන්වා දීමට නියමිත Trade National Single Window (TNSW) පද්ධතිය හරහා අවම කළ හැකි වනු ඇති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි.
ආනයනකරුවන් බදු පැහැර හැරීමට පුරුදු බැවින්, නව ඩිජිටල් පද්ධතිය හරහා ආනයනය කරන භාණ්ඩ සහ ප්‍රකාශිත දත්ත නිවැරදිව Cross-checking කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට පවතින ක්‍රමවේදය දුර්වලතා ඇති බැවින් එම දුර්වලතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැමුන් බදු පැහැර හැරීමට පුරුදු වී සිටි බව වාර්තා වේ.
නව පද්ධතිය ක්‍රියාත්මක වූ පසු, බදු පැහැර හැරීම් 80%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අවම වනු ඇති බව රජය අපේක්ෂා කරයි.
TNSW පද්ධතිය සඳහා නියාමන ආයතන 18ක් සම්බන්ධ කිරීමටද සැලසුම් කර ඇති අතර, පළමු අදියර යටතේ රජයේ ප්‍රධාන ආයතන 6ක් සම්බන්ධ කරමින් 2027 වසර අවසානය වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව 2030 වසර වන විට, අපනයන දිරිගැන්වීම සහ වෙළඳ කටයුතු පහසු කිරීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට ලෝක වෙළඳ සංවිධානය (WTO) එකඟතාව පළ කර ඇති බවද සඳහන් වේ.