වහාම ක්‍රියාත්මක වන පරිදි CIDයට අලුත් DIG කෙනෙක්..!
වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ.
ඔහු මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්ව සිටි සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
ගණේමුල්ල සංජීව ඇතුළු සංවිධාන අපරාධකරුවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරියෙක් ලෙස රොහාන් ප්‍රේමරත්න මහතා කටයුතු කර තිබේ.
Sponsored By Sarrita Jewellery
