කළු දිලීරයට අමතරව මෙරටින් ඇස්පජිලස් නම් දිලීරයක් සහිත රෝගීන් 700කට වැඩි පිරිසක්

Sri lanka covid 19 Corona virua
By Sithumi Sep 17, 2021 12:13 PM GMT
Sithumi

Sithumi

Report

කළු දිලීරයට අමතරව තවත් ඇස්පජිලස් නම් දිලීරයක් වැළඳුණු කොරෝනා ආසාදිතයන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තාවී තිබෙනවා. 

කොවිඩ් ඇසෝසියේටඩ් පැල්මනරි ඇස්පජිලස් නමින් හඳුන්වන මෙම දිලීර තත්වය පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරටින් වාර්තාවී ඇති බවයි වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර සඳහන් කළේ. 

 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඇය කියා සිටියේ කළු දිලීරය වැළඳුණු කොරෝනා ආසාදිතයන් මේ දක්වා වාර්තාවී ඇත්තේ 12 දෙනෙකු පමණක් බවයි.