වැඩි මිලට සහල් අලෙවි කලොත් මේ අංකයට දැනුම් දෙන්න. - නව පාලන මිල මෙන්න.
Sri Lanka
Ministry of Consumer Affairs Authority
By Wayomi
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් දැනුම් දෙනවා.
පාරිභෝගික අධිකාරිය විසින් සහල් සඳහාපාලන මිලක් නියම කර ඇති අතර ඒ, අනුව සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220 ක් ද කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ද සම්බා කිලෝව රුපියල් 230 ක් ද රතු හා සුදු කැකුළු කිලෝව රුපියල් 210 ක් වනවා.
මෙම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක අවම දඩයක් නියම කරන බව පාරිභෝගික අධිකාරිය පවසන්නේ.
බොහෝ වෙළෙදුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගික පැමිණිලි දිනපතා ලැබෙන බවද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියා.
