සීමිත මට්ටමින් අබුඩාබි ගුවන් ගමන් යළි ඇරඹෙයි

Report

මැදපෙරදිග කලාපයේ පවතින තීව්‍ර ගැටුම් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හි මෙහෙයුම් සීමිත මට්ටමින් යළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය හා ගුවන් තොටුපළ බලධාරීන් තහවුරු කර තිබේ.

ලොව පුරා ගුවන් ගමන් නිරීක්ෂණය කරන FlightRadar24 වෙබ් අඩවියට අනුව, අද (02) පස්වරු 2:00ට පමණ පසුව මගී ගුවන් යානා 8ක් අබුඩාබි නුවරින් සාර්ථකව පිටත් වී ඇත.

මෙම ගුවන් යානා අතර Etihad Airways හි Airbus A380 යානයක් ඇතුළත් වන අතර, එය London Heathrow වෙත පිටත් වූ පළමු ගුවන් යානය ලෙස සටහන් වේ (EY67). 


අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි

කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න

කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න

Gallery