ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ප්‍රහාර මාලාවක් - 31ක් මරුට ලාංකිකයින් 19ක් ආරක්ෂිත කලාප වෙත

Report
Courtesy: AL JAZEERA

ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට මේ වන විට පුළුල් ගුවන් ප්‍රහාර එල්ල කරමින් පවතින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

එම ප්‍රහාර හේතුවෙන් බිරූට් අගනුවර ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු ආරක්ෂිත කලාපයකට රැගෙන යාමට පියවර ගෙන ඇති බව තානාපති කාර්යාලය අද (02) දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් හා ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනයේ බිරූට් දකුණු තදාසන්න ප්‍රදේශ (හිස්බුල්ලා පාලනය යටතේ පවතින ප්‍රදේශ) ඉලක්ක කර ගනිමින් පුළුල් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. මෙය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස හිස්බුල්ලා විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගැටුම් තවදුරටත් පුළුල් වීමේ කොටසකි.

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි

ලෙබනන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන NNA (National News Agency) පවසන පරිදි, මෙම ප්‍රහාරවලදී පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇත. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තහවුරු කිරීමට අනුව, මෙම මරණ හා තුවාල බිරූට් දකුණු තදාසන්න ප්‍රදේශ හා දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිදුව ඇත.

අද සවස නිකුත් කළ රොයිටර්ස් වීඩියෝවක බිරූට් දකුණු තදාසන්න ප්‍රදේශවල අඛණ්ඩ පිපිරීම් හා ඝන කළු දුමාරයෙන් වැසී ගිය දර්ශන දැකගත හැකි විය. ප්‍රහාරවලින් ගොඩනැගිලි ගිනිගෙන යාම, මෝටර් රථ විනාශ වීම හා දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම් හේතුවෙන් ලෙබනනයේ තත්ත්වය තීව්‍ර ලෙස උත්සන්න වී ඇති අතර, ඊශ්‍රායලය හා ඇමෙරිකාව ඉරානයට එල්ල කරන ප්‍රහාර සමඟ මැදපෙරදිග ගැටුම් තවදුරටත් පුළුල් වෙමින් පවතී. ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සලසා ගැනීම සඳහා තානාපති කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සඳහන්ය.

"තවත් එපා.. බලගතු රටවල් මැදිහත් වෙන්න" - මහින්ද

"තවත් එපා.. බලගතු රටවල් මැදිහත් වෙන්න" - මහින්ද

“අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අවසන් කරනවා” - ඇමරිකාව කියයි

“අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අවසන් කරනවා” - ඇමරිකාව කියයි