ශ්‍රී ලංකාව රිදියෙන් සැරසුව නෙත්මිකා..

Report

ඩුබායිහී පැවැත්වෙන විසි එක්වන ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකාව රිදියෙන් සැරසුව නෙත්මිකා.. | Nethmika Won Silver Medal Womens Triple Jump Event

මෙලෙස ජයග්‍රහණය ලබා ගත්තේ ක්‍රීඩිකා නෙත්මිකා මදුෂානි හේරත් ය.

ඇය මීටර් 13.01 ක් වූ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් මෙලෙස රිදී පදක්කම හිමිකර ගනු ලැබීය.

නෙත්මිකා මදුෂානි මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් ය.

කෙසේ වෙතත්, ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක කණ්ඩායමේ නායිකාව ද වේ.