මට ආදර යෝජනා නම් ගමකට එනවා, හැබැයි මම එකක්වත් ගණන් ගන්නේ නැහැ-ජනප්‍රිය සුරූපී නිලි නෙත්මි රොෂෙල් (PHOTOS)

By Sithumi Apr 25, 2022 05:59 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් ඇයව අපේ රටේ බොහෝ දෙනෙක් හදුනන්නේ දෙවෙනි ඉනිමේ අක්ෂා කියලා කිවුවාමයි. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් 2019 වසරේදී ජාතික රුපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පලදිමත් සමඟ තමයි ඇය කළා ක්ෂේත්‍රයට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඇය සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිකාගේ චරිතයට පන පොවලා තියනවා, ඊට පස්සේ තමයි ඇයට දෙවෙනි ඉනිමේ ආක්ශාගේ චරිතය ලැබිලා තියෙන්නේ.

ඉතින් ඒ වගේම ඇයගේ හිතේ කලාවට එන්න කියලා එහෙම ලොකු අරමුණක් තිබුනේ නැහැලු. හැබැයි ඇය පොඩි කාලේ ඉඳලම කලාවට ගොඩක් ආසයිලු. ඒ වගේම ඇයටත් වඩා කලාවට ආස කරන්නේ ඇයගේ අම්මාලු. ඉතින් අම්මා ඉස්සර ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවාලු කලාවට එන්න.

ඒත් ඇයගේ ආච්චි හරිම වසයිලු. එයා ඇයගේ අම්මට කලාවට යන්න දීලා නැහැ. හැබැයි ඇය ඇයගේ පළමු ටෙලිනාට්‍ය සක්කාරං හි රඟපානකොට ඇයගේ අම්මා විදිහට රඟපෑවේ ඇයගේ ඇත්තම අම්මාලු. ඉතින් ඇයගේ අම්මා එදා දැක්ක හීනේ අද ඇය තුලින් සැබෑ වෙලා කියලයි ඇය පවසන්නේ. ඉතින් දැන් ඇය නිලියක් වුන එක ගැන ඇයටත් වඩා සතුටු වෙන්නෙ ඇයගේ අම්මාලු. ඉතින් ඒ වගේම ඇයට දැන් ආදර යෝජනානම් ගොඩක් එනවාලු. 

හැබැයි ඇය ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ කියලත් ඇය පවසනවා. ඒ වගේම කැම්පස් එකේදී තමයිලු ඇයට ගොඩක්ම යෝජනා ආවේ. මොකද පාසලේ වගේ නෙවෙයි එතැන තියෙන්නෙ නිදහස් පරිසරයක් කියලයි ඇය කියන්නේ. කොහොම වුනත් ඇයගේ ඉගනීම ඉවරවෙනකන් ඇය ඒ ගැන හිතන්නේ නැහැලු. ඉතින් ඒ වගේම ඇයගේ වෘත්තීය රංගනය නෙවෙයිලු.

ඉතින් ඇය ඉගන ගන්න ගමන්ලු රංගනයේ නියැලෙන්නේ. ඉතින් ඉගනීම අවසන් කලාම ඇය රැකියාවක් කරන්න කියලා හිතාගෙන ඉන්නවාලු. හැබැයි සමහර විට දිගටම කලාවේ ඉන්නත් පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha