ඔටුන්න හිමි රජ කුමරියකට ජීවිත තර්ජන..!

By Sewvandhi Oct 14, 2022 08:41 AM GMT
Report

නෙදර්ලන්තයේ ඔටුන්න හිමි කැතරිනා අමෙලියා කුමරියගේ ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය මේ වනවිට 18 වන වියේ පසුවන අතර පසුගියදා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කළාය.

ඒ හේතුවෙන් කැතරිනා කුමරිය ඒ ආසන්නයේ පිහිටි නිවසක සිට විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කර තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් ඇය නැවතත් රජ මාළිගයට ගෙන්වාගෙන ඇති බව වාර්තා විය.

විශේෂයෙන්ම ඇයට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පැහැරගැනීමට ඉඩ ඇතැයි ආරක්ෂක අංශ හඳුනාගෙන තිබීම හේතුවෙන් ඇයගේ ආරක්ෂාව තරකළ බව සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now