ඉරානේ අලුත් නායකයා මූණ පෙන්නන්න බැරි රූකඩයක් - තලා දාන්න කළින් තීරණයක් ගන්නැයි නෙතන්යාහු ජනතාවට අනතුරු අඟවයි
යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරාන පාලනය තලා දමන බවට පවසා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරාන පාලනය සහ ලෙබනනය පදනම් කරගත් ෂියා මිලීෂියා කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයන් යන දෙකම තලා දමන බවයි.
එමෙන්ම ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රසිද්ධියේ තම මුහුණ පෙන්විය නොහැකි විප්ලවවාදී ආරක්ෂකයින්ගේ රූකඩයක් බව ඔහු සඳහන් කළා.
මේ අතර ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු ඉරාන ජනතාව අමතමින් පැවසුවේ "ඔබට නිදහසේ නව මාවතකට පිවිසීමට හැකි වන මොහොත ළඟා වෙමින් තිබෙන අතර අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු,ඔබට උදව් කරන්නෙමු, නමුත් අවසානයේ එය ඔබ මත රඳා පවතී. එය ඔබගේ අතේ ය "යනුවෙන්.
ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර
ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙයි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය