මේනක වෙන කෙල්ලන්ගේ අතින් අල්ලද්දී මට පුදුම තරහක් එන්නේ. මේනකගේ බබා නෙහාරා පීරිස් කියන කතාව. (PHOTOS)
නෙහාරා පීරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්.
රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්රයේම හිටපු අති දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමග. විවාහයෙන් පසු කාලයක්ම දෙන්න පේන්න හිටියේ නැත්තේ ඔවුන් ලංකාවෙන් ඇමරිකාවට ගිහින් හිටපු නිසා. නමුත් මේ වෙනකොට ඔවුන් ලංකාවට ඇවිල්ලා පුංචි දියණියකගේ දෙමාපියන් බවට ද පත් වෙලා තියෙනවා.
මේනක රාජපක්ෂ මේ වෙනකොටත් තමන්ගේ කලා කටයුතු ආරම්භ කරලා තිබුණත් නෙහාරා පීරිස් දැන් නිවේදන කටයුතු සහ රණගනය යන දෙකටම සම්බන්ධ වී සිටිනවා.ඒ ගැන අපි අයත් එක්ක කතා කරේ කලේ මෙන්න මේ විදියට.ඉතාම කාර්ය බහුල කාලයක් වුණත් ඉතින් සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා. ඉස්සර තිබුණු සැහැල්ලුව දැන්නෑ. මොන වැඩේ එක්ක හිටියත් හැම මොහොතකම මට මතක් වෙන්නේ බබාව.
දැන් එයාට අවුරුද්දයි මාස එකයි. අනාගත අධ්‍යාපන කටයුතු ගැන හිතද්දී මට හිතට ලොකු බරක් දැනෙනවා. ඒත් මම කොහොම හරි ඒවා පිළිවෙළට ම කරනවා.ඉතින් මේනක සමග ගතකළ ජීවිතය පිළිබඳව කතා කරද්දි නෙහාරා එක්තරා අවස්ථාවකදී සඳහන් කරනවා කොයි තරම් සෙනගක් ඉස්සරහ වුණත් මේනක ඇයට බබා කියලා කතා කළේ නැත්නම් ගොඩක් දුක හිතෙනවා කියලා. ඒ වගේම ඇය පසුගිය දිනක සහභාගිවූ රූපවාහිනි වැඩසටහනකදී සඳහන් කරනවා හරි අපූරු කතාවක්.
ඒ තමයි මොකක් හරි ටෙලි නාට්‍යයක හෝ කිසියම් වැඩක දී මේනක වෙන කෙනෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නවා නම් නෙහාරාට ඒකට ලොකුවට ඉරිසියා හිතනවලු. ඒ නිසා මේනක ඒ විදිහට අත් අල්ලාගෙන ඉන්නවට ඇය කැමැති නැහැ.ඒ දේ පිළිබඳව නෙහාරා අදහස් ඉදිරිපත් කළේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක විනෝදාත්මක කතාබහකට එක්වෙමින්. ඉතින් මේ දෙදෙනා එදා වගේම වෙද්දිත් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |
.