ජීවිතයත් මරණයත් අතර පොරබැදූ ''මුහුදේ අතරමං වූ'' ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව මුදා ගනියි

By Malith Madushan Sep 21, 2026 06:22 AM GMT
Report

මන්නාරමට උතුරු මුහුදේදී ආපදාවට පත්ව පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (21) අලුයම නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

යාපනය ගුරුනගර් ධීවර වරායෙන් පසුගිය 19 වැනිදා ධීවරයින් දෙදෙනෙකු රැගෙන මුහුදු ගිය ධීවර යාත්‍රාව යළි වරායට පැමිණ නොමැති බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණි.

ඒ අනුව, අදාළ යාත්‍රාව සොයා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස නාවික හමුදාව දැනුවත් කර ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත යාත්‍රා දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.

පසුව උතුරු සහ උතුරු මැද නාවික විධාන යටතේ සිදුකළ සෙවීම් හා මුදා ගැනීමේ මෙහෙයුමකදී තලෙයිමන්නාරමට උතුරු මුහුදේදී ඉන්ධන අවසන් වීම හේතුවෙන් අක්‍රීයව පාවෙමින් තිබූ අදාළ ධීවර යාත්‍රාව සොයාගෙන ඇත.

එහිදී යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර, ඔවුන් සහ ධීවර යාත්‍රාව තලෙයිමන්නාරම වෙත රැගෙන ඒමෙන් අනතුරුව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමටද නාවික හමුදාව කටයුතු කර තිබේ.

මුළු රටම බලා සිටි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තීරණය කථානායක වෙත

මුළු රටම බලා සිටි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තීරණය කථානායක වෙත

විමල් වීරවංශට වරෙන්තු

විමල් වීරවංශට වරෙන්තු