ගමක් හඩවමින් රාජකාරි දේවකාරිය ලෙස ඉටු කළ තවත් බන්ධනාගාර නිලධාරියෙක් සදහටම සමු ගනියි

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය අතරතුර රැඳවියන්ගේ අමානුෂික පහරදීමට ලක්ව, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් අවසන් හුස්ම හෙළූ 08 වැනි බන්ධනාගාර නිලධාරියා වන බන්ධනාගාර නියාමක මත්තක ගමගේ උපාලි (42) මහතාගේ දේහය අද (09) පස්වරුවේ කඹුරුපිටිය, හොරපාවිට පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව තිබේ.

මියගිය උපාලි මහතා නාවික හමුදාවේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කර මීට වසර 5කට පෙර බන්ධනාගාර සේවයට එක්ව තිබූ අයෙකු වන අතර, ඔහු වයස අවුරුදු 6ක සහ 9ක පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.

මේ අතර, මෙම ගැටුමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක එස්.ඩී.එස්. අබේවර්ධන මහතාගේ නිසල දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, වත්තේගෙදර නිවස වෙත අද පෙරවරුවේ පැමිණි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඔහුගේ පවුලේ ඥාතීන්ට සිය කනගාටුව පළ කළේය.

එමෙන්ම රැඳවියන්ගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ද අද (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත.

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්