දින 18කට පසු මේ රියදුරන්ට විශේෂ දැනුවත් කිරීමක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව ගමනාගමනය සඳහා අද (15) දින විවෘත කර ඇත.

ඒ අනුව නයායෑම හේතුවෙන් මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහළින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගයේ නිර්මාණය කර ඇති බව ද සඳහන්.

එසේම මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරීව මාර්ගයේ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් සීමා පනවා ඇති බවද දැනුම් දෙයි.

ආපදාවෙන් හානි වූ පාරවල් වල මේ වන විට තත්වය

ආපදාවෙන් හානි වූ පාරවල් වල මේ වන විට තත්වය

මෙම මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාවලපිටිය හා ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් සිදු වුණා.

මේ අතර මාර්ගය විවෘත කිරිමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය සඳහන් කළේ පස්භාගේ කෝරලය තුළ ආපදාවට ලක් වූ මාර්ග බොහෝමයක් මේ වනවිට අලුත් වැඩියා කර අවසන් කර ඇති බවයි.

එසේම උලපනේ මහනුවර මාර්ගයේ සතියකින් පමණ වැඩ අවසන් කර ගමනාගමනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළා.

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ එන්නත තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ එන්නත තහනම්