ආපදාවෙන් හානි වූ පාරවල් වල මේ වන විට තත්වය
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් හානි සිදු වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කර තිබේ.
වැඩිම හානියක් සිදු වූ මධ්‍යම පළාතේ සියලු මාර්ග මේ වන විට විවෘත කර ඇත.
තවද ඇතැම් මාර්ග තාවකාලිකව සංවර්ධනය කර ඇති බවත් එම මාර්ග සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 69ක් වැය වෙන බව විමල් කණ්ඩම්බි මහතා සදහන් කරයි.
මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කළේ මෙවන් අදහසක්
“මේ ව්‍යසනය හේතුවෙන් පාලම් 40ක් විනාශ වුණා. එයින් 36ක් ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා. එම පාලම් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතුයි. කඳු නාය ගිය ස්ථාන නැවත සංරක්ෂණය කිරීමටත් පියවර ගන්නවා. ඒ සඳහා රුපියල් බිලියන 100කට වඩා වැය වෙනවා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සමඟ ඒකාබද්ධව මේ කටයුතු සිදු කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හදිසි අලුත්වැඩියා සඳහා රුපියල් මිලියන 100ක් පමණත්, බේලි පාලමක් සඳහා රුපියල් මිලියන 120ක් සහ දරුණු ලෙස හානි වූ මාර්ග, බෝක්කු සහ පැති බැමි අලුත්වැඩියාවට රුපියල් බිලියන 14ක් පමණ අවශ්‍ය බවට මේ වන විට ගණන් බලා තිබෙනවා. මේ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නවා.”