නාවික සෙබළා සිය නැන්දම්මා ඝාතනය කරලා.

Sri Lanka Police Sri Lanka Navy Crime Murder
By Wayomi Jan 26, 2024 11:19 AM GMT
Wayomi

Wayomi

Report

කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව, කුඩා ගල්ලිදවැව ප්‍රදේශයේ නිවසක් තුළ උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ,53 හැවිරිදි වියේ පසුවන තිදරු මවක් වන කේ.ඩබ්ලිව්. රීටා ජනෙට් නමැති කාන්තාවක්.

මෙම කාන්තාවගේ වැඩිමහල් දියණිය සහ ඇයගේ විවාහක සැමියා අතර කලක් තිස්‌සේ පැවති ගැටුම් හේතුවෙන් එම දියණිය සැමියා අතහැර මවගේ නිවසට පැමිණ ජීවත්ව සිට තිබෙනවා.

නාවික සෙබළා සිය නැන්දම්මා ඝාතනය කරලා. | Navy Soldier Kills Mother In Law

ඒ, අනුව ඊයේ(25) රාත්‍රියේ 07.45 ට පමණ දියණියගේ සැමියා වන නාවික හමුදා බෑණා විසින් උදැල්ලකින් තම නැන්දම්මාගේ හිස සහ මුහුණ ප්‍රදේශයට පහර දී ඇති බවත්,ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා, බිම ඇද වැටී ඇති ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් පොලිසිය සඳහන් කළා.

එම ඝාතකයා ගාල්ල ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවය කරන නාවික හමුදා බටයෙක්.  

                                                                            Sponsored By Sarrita Jewellery

නාවික සෙබළා සිය නැන්දම්මා ඝාතනය කරලා. | Navy Soldier Kills Mother In Law

ReeCha