ග්‍රෙගරි වැවේ දරුණු අනතුරක් - දරුවන් දෙදෙනෙකු නාවික හමුදාව බේරාගනී
By Mithu
නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක නැඟී ජල ක්‍රීඩාවේ යෙදී සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
ග්‍රෙගරි වැව ආශ්‍රිතව ජීවිතාරක්ෂක රාජකාරිවල නිරතව සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුම සිදුකර ඇත.
මෙලෙස අනතුරින් නිරුපද්‍රිතව බේරාගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11 සහ 13 පසුවන දරුවන් දෙදෙනෙකි. අනතුරෙන් පසුව මුදාගත් දරුවන් දෙදෙනා වැඩිදුර කටයුතු සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම පියවර ගෙන තිබේ.