ඇපල් සමාගමෙන් නරක දැනුම්දීමක් - රසිකයන්ගේ බලාපොරොත්තු සුන්වෙයි
By Ashfa
ඇපල් සමාගම විසින් සිය ඉදිරි ස්මාර්ට්ෆෝන් මාලාවට අයත් සම්මත iPhone 18 මාදිලිය එළිදැක්වීම 2027 වසර දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
තාක්ෂණික පුවත් වාර්තා මඟින් පවසන්නේ සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී නව අයිෆෝන් මාදිලි හඳුන්වා දීමේ පුරුද්දක් ඇපල් සමාගම සතුව පැවතුනද, මෙවර සැලසුම් වල යම් වෙනස්කම් සිදු කරමින් මෙම ප්‍රමාදය සිදුවී ඇති බවයි.
මෙම නවීකරණය හරහා ඉදිරි පරම්පරාවේ තාක්ෂණික සහ අභ්‍යන්තර වෙනස්කම් රැසක් බලාපොරොත්තු වන අතර, ඒ සඳහා තවත් කාලය අවශ්‍ය වීම මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම තීරණයත් සමඟ ඇපල් ලෝලීන්ට සහ තාක්ෂණික වෙළඳපොළට සිය නවතම සම්මත අයිෆෝන් අත්දැකීම ලබා ගැනීම සඳහා 2027 වසර වන තෙක් අපේක්ෂාවෙන් සිටීමට සිදුවනු ඇත.
සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු