ආපදා සහන සපයන්න නාවික හමුදාව සුදානම්.

Sri Lanka Sri Lanka Navy TN Weather Weather
By Hashini Sep 30, 2023 02:38 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් යොදා ඇති බව ප්‍රකාශ කරනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදාව ප්‍රකාශ කළේ හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් ආපදාවෙන් මුදවා ගැනීමට දකුණු නාවික විධානය මඟින් ගාල්ල,අකුරැස්ස, අතුරලිය සහ තවලම යන ප්‍රදේශවලට සහන කණ්ඩායම බැගින් සහ කඹුරුපිටිය ප්‍රදේශයට සහන කණ්ඩායම් දෙකකක් ද යොමු කර ඇති බවයි. 

ReeCha