ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Wasudewa nanayakkara Water bill Water Bord
By Aruna Sep 15, 2021 07:45 AM GMT
Aruna

Aruna

Report

ජල බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අඛණ්ඩ ජල සැපයුමක් සඳහා ජල බිල්පත් නිසි වේලාවට ගෙවීම අත්‍යවශ්‍ය කාරණයක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මේ වනවිට ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වයන් හමුවේ ජල පාරිභෝගිකයින් ජල බිල්පත ගෙවීම ප්‍රමාද කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

බිල්පත් ගෙවීම පහසු කිරීම සඳහා නව ක්‍රමවේද රැසක් හඳුන්වා දී ඇති අතර මූල්‍ය ආයතන විසින් හඳුන්වා දී ඇති ජංගම යෙදවුම්, වෙබ් අඩවි හා අන්තර්ජාල බැංකු සේවා හරහා ද මෙම බිල්පත් ගෙවීමට හැකියාව පවතී.

මීට අමතරව පවතින නිරෝධායන නීතිරීති යටතේ ජලසම්පාදන මණ්ඩලයේ කාර්යාල වෙත පැමිණිමෙන් ද මුදල්, චෙක්පත් හෝ කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි බව එම මණ්ඩලය දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 623 623 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now