"මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් කිසිවක් මට මතක නැහැ " විගණක වාර්තාවකින් හෙළිදරව් වූ දේ ගැන ආණ්ඩුකාරවරයෙක් කියපු දේ..

By Piyumika Sep 14, 2024 04:42 AM GMT
Report

රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින් රැපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් මෙම වසරේ නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.

මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..

මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..

මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවයට පටහැනිව ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.

හොරිවිල වෙද මැදුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලිමකට මෙම ඉදිකිරිම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය.

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

සැක පිට අත්තඩංගුවට ගත්ත දෙන්න ලග තිබ්බ පොලිසියේත් ඇස් උඩ ගිය දේ..

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා කියා සිටියේ මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් තමන්ට මතක නැති බවයි.